එළවලු මිලෙහි සිදු වූ වෙනස. - නව මිල ගණන් මෙන්න.

Vegetables Vegetables Price Vegetable Price Today
By Wayomi Mar 12, 2024 08:41 AM GMT
Report

පසුගිය දිනවල ඉතා ඉහළ ගොස් තිබූ එළවලු මිළ ගණන් ඉතා සීඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා.

ඒ අනුව ඉතා ඉහළ මිළකට අළෙවි වූ කැරට්, බොංචි, ගෝවා, මාලු මිරිස් ඇතුලු එළවලු මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ වන විට සාමාන්‍ය වෙළෙඳපොළේ කැරට් කිලෝවක් රුපියල් 400 කට ත් අතර මිළකටත් බොංචි කිලෝවක් රුපියල් 400 කටත්, ගෝවා 450 කටත්, තක්කාලි 320 කටත්, ලීක්ස් 300 කටත්, මාලු මිරිස් 600 කටත්, වම්බටු 250 කටත්, බීට්රූට් 500 කටත්, පතෝල 220 කටත්,වැටකොලු 190 කටත් කරවිල 450 කටත්, බන්ඩක්කා 160 කටත් අමුමිරිස් 600 කටත්, දෙහි 200 කටත් අලෙවි වන බව සඳහන්.

එමෙන්ම කොළඹ මැනිං වෙළදපොලේ බොංචි කිලෝවක් රුපියල් 300කටත්, කැරට් කිලෝවක් රුපියල් 300කටත්, ගෝවා කිලෝවක් රුපියල් 320කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 300 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 150 කටත්, වට්ටක්කා කිලෝවක් 250 කටත්, දෙහි කිලෝවක් රුපියල් 150 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 300 කටත් අලෙවි වී ඇති බවයි පාරිභෝගිකයන් පවසන්නේ.

මේ අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් සටහන් වූයේ මෙලෙසින්.    


Gallery