මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කරයි..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka Politician Economy of Sri Lanka
By Aruna Aug 01, 2023 03:23 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

දේශීය සහ ගෝලීය වශයෙන් වත්මන් සර්ව ආර්ථික ප්‍රවණතා සහ ඒවායේ ඉදිරි දැක්ම විශ්ලේෂණය කිරීම මත පදනම්ව උද්ධමනය සහ අනෙකුත් ප්‍රධාන සර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳ මහ බැංකුවේ ඉදිරි දැක්ම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මඟින් ඉදිරිපත් කරනු ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, දැනට පවතින සහ අපේක්ෂිත ප්‍රවණතා සලකා බලමින් උද්ධමනය සහ ආර්ථික වර්ධනය පිළිබඳව සිදුකර ඇති පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳ තක්සේරුවක් ලබාදීම ද මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ අරමුණක් බවයි.

මෙමඟින් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති සම්පාදනයේ විනිවිඳභාවය සහ වගවීම ඉහළ නංවන අතර මහජනතාවගේ උද්ධමන අපේක්ෂා ස්ථායි කිරීමට සහාය වන බවයි මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර මේ වසරේ ජුනි මාසයේ දී අපනයන ඉපැයීම් අඛණ්ඩව දෙවන මාසය සඳහා ද අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ඇති බව මහ බැංකුව පවසයි.

2023 වසරේ ජුනි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් පෙර වසරට සාපේක්ෂව අඛණ්ඩ වර්ධනයක් ද පෙන්නුම් කර ඇත.

මේ අතර මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ, අයවැය සහය සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලැබීමත් සමග ජුනි මාසය අවසන් වන විට දළ නිල සංචිත මට්ටම අමෙරිකානු ඩොලර් බිලියන 3.7 දක්වා ඉහළ නංවා ඇති බවයි.