පොලී අනුපාතය නිසා බැංකු පද්ධතියට රතු එළියක්..රන් භාණ්ඩ වලටත් වෙන්න යන දේ..

Central Bank of Sri Lanka Sri Lanka
By Aruna Dec 18, 2022 05:30 AM GMT
Report

ඉහළ පොලී අනුපාත හේතුවෙන් බැංකු පද්ධතිය අවධානමක පවතින බව ලංකා බැංකු සේවක සංගමය පවසනවා.

එහි ලේකම් ධනංජය සිරිවර්ධන මහතා පැවසුවේ උකස් තබන රන් භාණ්ඩ සින්න වීමට ඉඩ හැරීමේ තත්ත්වයන් ද මේ වන විට වැඩි වශයෙන් වාර්තා වන බවයි.

එය බැංකු පද්ධතියට හිතකර තත්ත්වයක් නොවන බවද ඔහු පෙන්වා දුන්නා.

බැංකු පද්ධතියේ එක් බැංකුවක් හෝ බිඳ වැටීම මෙරට ආර්ථිකයට හිතකර නොවන බවයි මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now