SSP සහ ASPට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කෙරේ.

Sri Lanka Magistrate Court
By Wayomi Nov 27, 2022 07:31 AM GMT
Report

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් 2022. 10.10 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ජේෂ්ඨ පොලිස් අධිකාරි රෝෂාන්ද සහ සහකාර පොලිස් අධිකාරි කර තිබූ නලීන් දිල්රුක්ෂට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ යටතේ ඉදිරිපත් කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් නොවැම්බර් 25 වන දින විභාගටයට ගැනීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළා.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ, ඔක්තෝම්බර් 10 වන දින ගාලු මුවදොර පිටිය අසල ප්‍රධාන මාර්ගය සහ පදිකවේදිකාව සම්පූර්ණයෙන්ම වසා දැමීම හේතුවෙන් .

ඒ, සාමකාමී විරෝධතා පෙළපාළියක් අවහිර කිරීම පිණිස මාර්ග බාධක යෙදීම තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ 332 වගන්තිය වන අයිති අවහිර කිරීම සහ ජාතික මංමාවත් පනතේ 59(1) වගන්තිය උල්ලංඝනය වූ බව පවසමින්.

එම පැමිණිල්ලට අදාළව පැමිණිලිකරු තරිඳු ජයවර්ධන වෙනුවෙන් ජනධිපති නීතිඥ අසාද් සාලිසාලිය පීරිස් ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටියා.

එමෙන්ම නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ෂමින්ද්‍රර වික්‍රම පෙනී සිටියා.

එහිදී ශමීන්ද්‍ර වික්‍රම පෞද්ගලික පැමිණිල්ලට දැඩි විරෝධය පළ කරමින් කියා සිටියේ පැමිණිලිකරු විසින් කරුණු යටපත් කර ඇති බවත්, පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීමට නීතිපති වරයාගේ අවසරය අත්‍යවශ්‍ය බවත්, මෙලෙස නීතිපතිවරයාගේ අනුමැතිය නොමැතිව නඩු පැවරීම තුලින් රෙක්ස් එදිරිව මීරා සයිබු නඩුවේ යැයි සඳහන් පරිදි පැමිණිලිකරු සිය නීතිඥවරයා මාර්ගයෙන් කරුණු වසන් කර අධිකරණය " ගණිකාවක් " ලෙස භාවිතා කිරීමට කටයුතු කර ඇති බවයි.

ඇයට පිළිතුරු වශයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේ අයුතු ජන රාශියක් නොතිබූ බවත් කරුණු වසන් කිරීමක් නොවූ බවත්ය.

නීතිපතිවරයාගේ ස්ථාවරය පිළිගනිමින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියේ,

යම් නීති විරෝධී රැස්වීමක් හෝ අපරාධමය වරදක් සිදුවන්නේ නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට පොලීසියට බලය ඇති බැවින් මෙම නීති කෘත්‍යය විභාගයට ගැනීමෙන් තොරව මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW