වෙන්න ගිය ඇගහිරිවැටෙන අනතුර වළක්වාගත් බස් රථයේ දෙවියා..(VIDEO)

Sri Lanka Police Kandy Sri Lanka Police Investigation Accident
By Sewvandhi Mar 03, 2024 01:52 PM GMT
Report

බස් රථයේ රියදුරු විසින්, කඩුගන්නාව ප්‍රදේශයේදී බස් රථයක තිරිංග අක්‍රීය වීමෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට සමත්ව තිබේ.

මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

කඩුගන්නාව ප්‍රදේශයේ පහළ කඩුගන්නාව ආසන්නයේ අධික බෑවුමක් සහිත ස්ථානයකදී මෙලෙස බස් රථයේ තිරිංග අක්‍රීය වී තිබේ.

එහිදී රියදුරු ආරක්ෂාකාරීව බස් රථය ඉදිරියට ධාවනය කොට බස් රථය දකුණු පස කන්දේ ගැටීමට සලස්වා බස් රථය නවත්වාගැනීමට සමත්ව ඇත.