රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහ දුරදිග තරම..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    පානදුර තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තැපැල් කාර්යාලයේ සේවකයින් පස්දෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය පවසයි.
තැපැල් ස්ථානාධිපතිවරයා සහ පහරදීමට සම්බන්ධ පුද්ගලයන් කරන ලද පැමිණිලි මත එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගියදා පැවැත්වූ වැඩවර්ජනයේදී සේවකයින් රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් මුල්කර ගනිමින් එම පහරදීම සිදුකර ඇති බවත් පොලීසිය පැවසීය.
සැකකරුවන් පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ඔවුන් සමථ මණ්ඩලය වෙත යොමුකළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    