දින හතරක් ළිඳක සිරවී සිටි දරුවා අවාසනාවන්ත ලෙස මෙලොව හැරයයි..(VIDEO)
දින 4ක් පුරා ගැඹුරු ළිඳක සිරවී සිටි පිරිමි දරුවා මියගොස් ඇති බව වාර්තා වෙයි. අද (18) දහවල් ඔහුව ගොඩට ගැනීමට බේරාගැනීමේ කණ්ඩායම සමත්වුවද ඒ වනවිට ඔහු මරණයට පත්ව සිටි බව සඳහන් විය.
හයිඩර් නමැති එම 6 හැවිරිදි පිරිමි දරුවා පසුගිය අඟහරුවාදා එම ගැඹුරු ළිඳට වැටී තිබුණි. කෙසේවෙතත් මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම දරුවා 9 හැවිරිදි වියේ පසුවන බවය. දරුවා බේරාගැනීම සඳහා ඇෆ්ගනිස්තානයේ සාබුල් ප්‍රාන්තයේ දින දෙකක් පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක වී තිබුණි.
දරුවා ව බේරාගැනීම සඳහා සහන සේවකයින් නව උමඟක් හාරා දරුවා වෙත පැමිණ තිබුණි. නමුත් දුර්වල සෞඛ්‍ය තත්ත්වයක සිට ඇති දරුවා ඒ වනවිට මියගොස් තිබුණි.
ඊයේ දරුවා ළිඳ තුළ සිරවී සිටින වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
දරුවා සිරවී සිට තිබුණේ අඩි 33ක් පමණ ගැඹුරිනි.
මෙවැනිම ආකාරයේ සිදුවීමකින් මීට සති දෙකකට පමණ පෙර 5 හැවිරිදි රයන් නම් පිරිමි දරුවෙක් මොරොක්කෝ වේදී මරණයට පත්විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |