ලංකාවේ හොදම ටෙලි නාට්‍යය ජනපති තෝරයි - ඔබත් මෙය නරඹා තිබේද.?

Parliament of Sri Lanka Ranil Wickremesinghe President of Sri lanka Sri Lankan Actress Sri Lankan Actor
By Sewvandhi Mar 31, 2024 11:46 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති 20 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල අමතමින් කියා සිටියේ, ලංකාවේ හොඳම ටෙලිනාට්‍යය පාර්ලිමේන්තු විකාශය බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බවයි.

ඒ සමඟම කලා ශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා විදෙස් පුහුණු අවස්ථා සලසා දෙන බවද පැවසූ ජනාධිපතිවරයා නවීන තාක්ෂණය සමඟ ඉදිරියටයාමට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කලාව ද සූදානම් කළ යුතු බව පෙන්වා දුන්නේය.

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය අද ලෝක චිත්‍රපට කලාවට එක්වී තිබෙන අතර ඒ සමඟ ඉදිරියට යමින් ශ්‍රී ලංකාවේ ද පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

සම්මාන උළෙල ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් පහතින්,

"මම මෙතනදී කියන්න කැමතියි මේ රයිගම් ටෙලීස් තෑගි ප්‍රධානයට ඔයගොල්ල ඇතුළු කරලා නැති, ඇත්ත වශයෙන්ම තියෙන හොඳ ටෙලි නාට්‍යයක්. ලංකාවේ හොඳම ටෙලි නාට්‍ය ඒක. මම හිතන්නේ වැඩියෙන්නම පෙන්නලා තියෙන්නේ මේක. අවුරුදු 03ක් විතර එක නාලිකාවක නෙමෙයි හැම නාලිකාවකම පෙන්නවා. හැම එක්කෙනාම බලාපොරොත්තු වෙනවා. ඒකටත් තෑග්ගක් දෙන්න. ඒ තමයි පාර්ලිමේන්තුව. කව්ද බලන්නේ නැත්තේ ?

එහෙම එකක් පේනවද ? කීදෙනෙක් ලෑස්තිවෙලා එනවද විපක්ෂයෙන් මේකට රඟපාන්න කියලා. සමහරු කථා කරනවා ඉංග්‍රීසි කථා කරනකොට ශේක්ෂ්පියර් මහත්තයාටත් එකේ ඉගෙන ගන්න තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහ එහාට ආවොත් අලුතින් එතුමට සිංහල ඉගෙනගන්න වෙනවා. කොහෙම හරි දිර්ඝ කාලයක්, අවුරුදු 03ක් රඟපාන හොඳම ටෙලිනාට්‍ය තමයි අපි එක්ක තියෙන්නේ."