ලෝක කුසලාන අවසන් මහා තරගයේ සිදු වූ බරපතළ වරදක් එළියට එයි..

Cricket Latest Headlines Decision Making
By krishani Apr 03, 2024 06:05 PM GMT
Report

එංගලන්තයේ දී පැවති 2019 එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේ නවසීලන්තයට හිමි වීමට තිබූ ජයග්‍රහණය, එංගලන්තයට හිමිවීමට තරගය අවසානයේ සිදුවූ බරපතළ අත්වැරැද්දක් හේතු වූ බව වාර්තා වේ.

ලෝක කුසලාන අවසන් මහා තරගයේ සිදු වූ බරපතළ වරදක් එළියට එයි.. | The 2019 Odi World Cup Final Held In England

ඒ බව වසර 5කට පසුව එම තරගයේ පිටියේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ Marais Erasmus අනාවරණය කර ඇත.

ඒ එංගලන්ත ටෙලිග්‍රාෆ් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක දී ය.

2019 වසරේ එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ දී පැවති එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය වේ.

එහිදී පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 242ක ජයග්‍රහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට අවසන් පන්දු තුනේ දී හිමි වු ඉලක්කය ලකුණු 9ක් විය.

මෙරට හිටපු අති දක්ෂ කඩුළු රකින්නෙකු මිය යයි.. (PHOTOS)

මෙරට හිටපු අති දක්ෂ කඩුළු රකින්නෙකු මිය යයි.. (PHOTOS)


අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුවට මුහුණදුන් බෙන් ස්ටෝක්ස් මිඩ්විකට් කලාපයට පහරක් එල්ල කරමින් ලකුණු 2ක් කරා පැති මාරු කරගනිද්දී පන්දුව රැකගත් නවසීලන්ත ක්‍රිඩක මාර්ටින් ගප්ටිල් පන්දුව කඩුලු රකින්නා වෙත යොමු කළේ ය.

ගප්ටිල් යොමුකළ එම පන්දුව බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව කරා ඇඳි ගියේ ය.

එහිදී පිතිකරුවන් ලබා ගත් ලකුණු දෙකත්, අතිරේකව ලැබුණු ලකුණු 2ත් සමඟ එංගලන්ත කණ්ඩායමට ලකුණු 6ක් හිමිවිය යුතු බවට පිටියේ විනිසුරුවරු ලෙස කටයුතු කළ කුමාර ධර්මසේන සංඥා කළේ ය.

නමුත් ක්‍රිකට් නීතිවලට අනුව පිතිකරුවන් ලකුණ සම්පූර්ණ කළ බව සැලකෙන්නේ පන්දු රකින්නාගේ අතින් පන්දුව ගිළිහෙන අවස්ථාවේ පිතිකරුවන් දෙදෙනා පැතිමාරු කරගෙන සිටියහොත් පමණක් වේ.

නමුත් අවසන් මහා තරගයේ පුනරූපනවලින් පෙනී යන්නේ මාටින් ගප්ටිල්ගේ අතින් පන්දුව ගිළිහෙන අවස්ථාව වනවිට බෙන් ස්ටෝක්ස් සහ ආදිල් රශීඩ් දෙවැනි ලකුණ කරා පැති මාරුකරගෙන නොසිටි බව ය.

අවසානයේ එම තරගයේ ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරයක් ලබාදුන් අතර සුපිරි පන්දුවාරයේ දී ද ලකුණු සමවීම හේතුවෙන් වැඩිම හයේ සහ හතරේ පහර එල්ල කළ කණ්ඩායම වූ එංගලන්තයට ලෝක කුසලානය හිමි විය.

මහජන බැංකුව නැවතත් සිය ගණුදෙනුකාරභවතුන්ට කළ දැනුම්දීම මෙන්න.. (UPDATE/PHOTOS)

මහජන බැංකුව නැවතත් සිය ගණුදෙනුකාරභවතුන්ට කළ දැනුම්දීම මෙන්න.. (UPDATE/PHOTOS)


යම් හෙයකින් කුමාර් ධර්මසේන එම අවස්ථාවේ ලබාදුන් ලකුණු 6 වෙනුවට ලකුණු 5ක් ලබා දුන්නේ නම් නවසීලන්තයට ලෝක කුසලානය ජය ගැනීමට අවස්ථාව තිබුණේ ය.

ඒ අනුව Marais Erasmus ඔහු ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ දී පවසා ඇත්තේ සැබැවින්ම එංගලන්ත කණ්ඩායමට ලබාදිය යුතු ලකුණු 5 වෙනුවට ලකුණු 6ක් ලබාදීමෙන් තමන් අතින් සිදුවු මෙම වැරැද්ද පිලිබඳ කුමාර ධර්මසේන විසින් ඊට පසුදින ඔවුන් රැඳී සිටි හෝටලයේ දී කතාබහ බහකළ බවයි.

කෙසේ වෙතත්, එහිදී කුමාර් ධර්මසේන විසින් Marais Erasmus ට සඳහන් කර ඇත්තේ ''ඔබ දැක්ක ද අපි කරල තියන බරපතළ වරද'' යනුවෙන් බවයි.