ඔබත් මෙහෙම රටක ජීවත්වෙන කාන්තාවක් වෙන්න හිතන්නවත් එපා.. ඇෆ්ගන් කාන්තාවන් ගැන ඇහෙන සංවේදි කතාවා...

Afghanistan Army Afghanistan Law and Order
By Sithumini Aug 24, 2024 05:48 PM GMT
Report

. විවිධ රටවල සංස්කෘතීන් එකිනෙකටව වෙනස්.. ඒවගේම රටවලට ආවේණික නීතීන්ද පවතිනවා. ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය කාන්තාවන් සම්බන්ධයෙන් නව නීති සමුදායක් හඳුන්වා දී තිබෙනවා.

මේ ගැන මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙහිදී ප්‍රසිද්ධ ස්ථානවල මෙන්ම මුස්ලිම් නොවන ප්‍රජාව ඉදිරියේදීත් ශරීරය සහ මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි ඇඳුම් පැළඳිය යුතු වෙනවා.

එමෙන්ම විවාහයෙන් හෝ ලේ සබඳතා මත ඥාතින් නොවන පිරිමි පුද්ගලයින් දෙස බැලීමත් කාන්තාවන්ට තහනම් කාරණාවක්.

මෙවැනි තත්වයක් යටතේ එම රටේ කාන්තාවන් මහත් පීඩාවට පත්ව තිබෙනවා. ඔබට මෙවැනි රටක ජීවත්වන්නට සිදුවුවොත් කාන්තාවක් ලෙස ඔබට කුමක් සිතෙයිද?

මෙවැනි දෑ පිළිබදව ලෝකයේම අවදානය යොමුව තිබෙනවා. කාන්තා සංවිධාන ලෝක මානව හිමිකම් සංවිධාන අවධානය යොමුවිය යුතුවනවා.