අත්අඩංගුවේ පසුවූ රැඳවියෙකු පළායයි
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
මත්ද්‍රව්‍ය චෝදනාවකට තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රැඳවුම් නියෝග මත සිටිය දී පසුගිය 13 වැනිදා අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත පොලීසිය වෙත රැගෙන යාමේදී පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස පළාගොස් ඇත්තේ 38 හැවිරිදි තලවතුගොඩ ජෝතිකාරාම පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පලාගිය සැකකරු සොයා තලංගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බවයි වාර්තාකරු සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |