තායි කුමරිය හදිසියේම ඇද වැටෙයි - ඇයව හෙලිකොප්ටරයකින් රැගෙන යයි..
Thailand
By krishani
තායි රජුගේ වැඩිමහල් දියණිය වන Bajrakitiyabha කුමරිය හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ ඇද වැටීම හේතුවෙන් රෝහල් ගතකර ඇත.
එරට රජු වන Vajiralongkorn ගේ වැඩිමහල් දියණිය වන ඇය 44 හැවිරිදි වියේ පසුවන අතර ඇයව හෙලිකොප්ටරයකින් ප්‍රතිකාර සඳහා බැංකොක් හි රෝහලකට රැගෙනගොස් ඇත.
ඇයගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව එරට රාජකීය මාළිගාව නිවේදනය කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |