අභිරහස් ලෙස මියගිය වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Jun 13, 2023 10:49 AM GMT
Report

තඹුත්තේගම රෝහලට අනුයුක්තව සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකුගේ මළ සිරුර ඔහුගේ නිල නිවසේ තිබී හමුවී ඇති බව වාර්තා වනවා.

අදාළ වෛද්‍යවරයා මීට දින කිහිපයකට පෙර මියයන්නට ඇති බවට සැකපළකරන බවයි, පොලීසිය පවසන්නේ

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවූ අවිවාහක වෛද්‍යවරයෙකි.

තඹුත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.