කූඩාරම් අටවා අරලියගහ මන්දිරය ඉදිරිපිටට විරෝධතාකරුවන් එක්රැස් වෙයි - පොලීසිය බස්රථ සහ බාධක යොදමින් දොරටු අවහිර කරයි..!(VIDEO)

Galle Face Protest Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis Gota Go Home 2022 SL Protest
By Sewvandhi Apr 25, 2022 12:12 PM GMT
Report

මේ වන විට මෙරට පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව එක රැස්ව පාරට බැස විරෝධතා සිදුකරනු ලබනවා. ඒ අතරින් ප්‍රමුඛතාවයක් ගාලු මුවදොර පිහිටි විරෝධතාවයට හිමි වනවා. මෙම විරෝධතා සඳහා ආගම්, ජාති, කුල මල ,ලොකු ,කුඩා භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් ලෙස සියල්ලන්ම එක්ව සිටිනවා. 

මේ අතර ඊයේ දිනයේ අනතර් විශ්වවිද්‍යාල සිසුන් විසින් සිදු කල විරෝධතාවයක් නිසා අරලිය ගහ මන්දිරය අසල දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇති වුනා. එම නිසා එහි ආරක්ෂාව දැඩිව තර කෙරුණා.

නමුත් අද දිනයේත් විරෝධතා කරුවන් පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට රැස්ව සිටිමින් විරෝධතා වල නිරතවනවා. .නමුත් පොලිසිය විසින් ඔවුන්ට එහි ඇතුළු වීමට ඉඩ නොදෙමින් බස් රථ සහ පොලිස් බාධක යොදාගනිමින් දොරටු අවහිර කර තිබෙනවා.

එහි දර්ශන පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now