ප්‍රබලයින් තුනක් එක් වෙයි - ලොවටම අභියෝගයක් විය හැකි අලුත්ම අධි තාක්ෂණික ප්‍රහාරයක යානය..

By krishani Dec 10, 2022 01:10 AM GMT
Report

ජපානය, ඉතාලිය සහ බ්‍රිතාන්‍යය යන රටව එක් වී අලුත්ම ප්‍රහාරක ගුවන් යානයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය, අමෙරිකාවෙන් බාහිර රටක් සමග එක්වී සිදුකරන පළමු ආරක්ෂක උපාංග නිෂ්පාදනය ව්‍යාපෘතිය මෙය වන අතර එම ව්‍යාපෘතිය Tempest ලෙස නම්කර ඇත.

එම ව්‍යාපෘති ඔස්සේ 2035 වනවිට අලුත්ම ප්‍රහාරක යානයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙන අතර බ්‍රිතාන්‍යයේ "BAE Systems PLC", ජපානයේ "Mitsubishi Heavy Industries" සහ ඉතාලියේ "Leonardo" සමාගම් එම යානය නිර්මාණය සඳහා එක්වී  ඇත්තේ.

එයට දියුණුම ඩිජිටල් තාක්ෂණය, කෘතීම ඥානය සහ සයිබර් යුද්ධය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම වැනි හැකියාවන් ඇතුළත් කෙරෙන අතර රුසියාව සහ චීනය යුද ශක්තිය ප්‍රවර්ධනයට ගන්නා ක්‍රියාමාර්ග සඳහා සූදානම් වීමේ පියවරක් ලෙස ජපානය, ඉතාලිය සහ බ්‍රිතාන්‍ය මෙම පියවර ගන්නා බව විචාරකයෝ පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join