ශ්‍රී ලංකාවේ රත්තරන් බිජු දමන කිකිළිය ලයිකා මොබයිල් සහ අදානිට විකුණන්න හදන රනිල්.

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Sri Lanka Gautam Adani
By Wayomi Nov 22, 2022 05:07 AM GMT
Report

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් සඳහා එනම්, ලයිකා මොබයිල් සහ අදානි යන සමාගම් සඳහා විකිණීමට ගෙන ඇති තීරණය අයවැය යෝජනාවෙන් වහාම ඉවත් කර ගන්නා ලෙස ටෙලිකොම් වෘත්තීය සමිති ජනපතිගෙන් ඉල්ලනවා.

විකිණීමට රජය ගෙන ඇති මෙම තීරණයට එරෙහිව හෙට (23) රට පුරා සිට දැවැන්ත විරෝධතා මාලාවක් පවත්වන බව සියලු විදුලි සංදේශ සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ජගත් ගුරුසිංහ පවසනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ (21) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී ලේකම්වරයා කියා සිටියේ, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යනු රත්තරන් බිජු දමන කිකිළියක් බවත් වසර පහකට වරක් පත්වන එය සෑම රජයකටම ලබාදෙන දෑවැද්ද බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගත වූ මාස නවයේදී පමණක් රජයට බදු ගෙවීමෙන් පසු ලබා ගෙන ඇති ශුද්ධ ලාබය රුපියල් බිලියන නවදහස ඉක්මවන බව ලේකම්වරයා සඳහන් කරනවා.

එම නිසා මෙවැනි දැවැන්ත ලෙස ලාබ ලබන ආයතනයක් කුණු කොල්ලයට විකුණා දැමීම හරහා මෙරට ජාතික ආරක්ෂාවට පවා දැඩි තර්ජනයක් එල්ල වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔහු අවධාරණය කරන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලය රැක ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයට මුදල් අවශ්‍ය බවත් ඒ සඳහා ඔහු සිදුකරනු ලබන්නේ මෙරට ආදායම් ලබන ආයතන විකුණා දමා මහා භාණ්ඩාගාරය තරකර ගැනීම බවයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW