ලිංගික කටයුත්තක් සඳහා කැමැත්ත ලබා ගන්නා වයස වැඩි කරයි...

Japan
By Aruna Feb 22, 2023 05:19 AM GMT
Report

ලිංගික කටයුත්තක් සඳහා සිය කැමැත්ත ලබා දීමට කෙනකු සුදුසුකම් ලබන වයස අවුරුදු 13 සිට 16 දක්වා වැඩි කිරීමට ජපානය සූදානම් වනවා.

සංවර්ධිත රටවල් අතරින් මේ වනවිට මේ සම්බන්ධයෙන් අඩුම වයස් සීමාවක් ක්‍රියාත්මක වන්නේ ජපානයේ ය.

ජර්මනියේ සහ ඉතාලියේ මෙම වයස් සීමාව අවුරුදු 14 ක් වන අතර ප්‍රංශයේ එය අවුරුදු 15 කි. එක්සත් රාජධානියේ එය අවුරුදු 16 ක් වේ.

ජපානයේ එම වයස් සීමාව ඉහළ දැමීම සඳහා යෝජනා කර ඇත්තේ එරට අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කරන ලද විශේෂඥ මණ්ඩලයකි.

ලිංගික අපරාධවලට අදාළ නීතිවල විශාල සංශෝධනයක් සිදු කිරීමට ජපානය සූදානම් වෙයි.

ඉහත පියවර ගැනීමට සැරසෙන්නේ ද එහි කොටසක් වශයෙනි.

ලිංගික දූෂණවල නිරත වූ බවට චෝදනා ලැබූවන් නිසි දඬුවම් නොලැබීමේ සිදුවීම් කිහිපයක් නිසා මෙයට වසර කිහිපයකට පෙර විශාල ආන්දෝලනයක් ඇතිව තිබිණි.

සිය ළාබාල දියණියක දූෂණය කළ පියකු නිදහස් වීමේ සිදුවීමක් ද ඒ අතර විය.

නීති සංශෝධනය පිළිබඳව රජයේ අවධානය යොමුව තිබුණේ මෙවැනි සිදුවීම්වලට එරෙහිව විරෝධතා පැන නැගීමෙන් පසුව ය.

දූෂණයක් අර්ථ දක්වන ආකාරය ද වඩාත් පුළුල් කිරීමට මෙම මණ්ඩලය යෝජනා කර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now