ගුරුවරුන්ට සේවා කිරීමට ලගම පාසල - ගුරුවරුන්ගේ සේවා ස්ථානය සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කෙරේ..!
රට තුළ පවතින ප්‍රවාහන අපහසුතා හේතුවෙන් ගුරුවරුන්ගේ සේවය ලබාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අදාළ චක්‍රලේඛයේ පිටපත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්, මුදල් කොමිෂන් සභාවේ ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂ (ජාතික පාසල්) වෙත යොමුකර ඇත.
එහි දැක්වෙන්නේ කොන්දේසි කිහිපයකට යටත්ව ගුරුවරුන්ගේ ඉල්ලීම් සලකාබලා පහසු පාසල් වෙත තාවකාලික සේවා අනුයුත්ක ලබාදීමට සලකාබලන ලෙසය. සියලුම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කරමින් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
ඒ අනුව, මෙමගින් එකම පළාත තුළ ඇති ජාතික පාසල් අතර සහ ජාතික පාසල් හා පළාත් පාසල් අතර ගුරුවරුන් අනුයුක්ත කිරීම සඳහා අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත බලය පවරා තිබේ.
පළාත් දෙකක් අතර පළාත් සභා පාසල්වල ගුරුවරුන් අනුයුක්ත කිරීම අදාළ පළාත්වල පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අනුමැතිය මත සිදුකිරීමට ද යෝජනා කර ඇත. පළාත් අතර සිදුවන ජාතික පාසල්වලට අනුයුක්ත කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) විසින් සිදු කරනු ඇත.
ඉහත සියලුම ආකාරයේ අනුයුක්ත කිරීම්, පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාවන් නොවන පරිදි අදාළ පාසල් දෙකෙහි විදුහල්පතිවරුන්ගේ ලිඛිත එකඟතාවය මත පමණක් සිදුකළ යුතුය. අනුයුක්ත කොන්දේසි පහතින්, ඉල්ලීම් කරනු ලබන ගුරුවරුන් අදාළ පාසලේ අතිරික්ත නම්, ඔහු හෝ ඇය වෙනුවෙන් අනුප්‍රාප්තිකයෙකු ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැත.
ඉල්ලීම් කරනු ලබන ගුරුවරුන් පාසලේ අතිරික්ත නොවේ නම්, සුදුසු අනුප්‍රාප්තිකයෙකු ලබාදීමෙන් පසුව අනුයුක්ත කිරීම සිදු කළ යුතුය. විදුහල්පතිවරුන්ගේ එකඟතාවය මත සුහද ස්ථාන මාරුවීම් සිදුකරන ආකාරයටම එම පදනම මත සිදුකරන අනුයුක්ත කිරීම් ද සලකාබැලිය යුතුවෙයි.
ගර්භණීභාවය මත හා වෛද්‍ය නිර්දේශ මත සිදුකරනු බලන අනුයුක්ත කිරීම් අදාළ වෛද්‍ය සහතික මගින් සනාථ කරගනිමින් සිදුකළ යුතුය. (2007/20 චක්‍රලේඛයේ 3.4.II අනුව) පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් ජාතික පාසල් සම්බන්ධයෙන් සිදුකරනු ලබන අනුයුක්ත කිරීම්වල ලිපි පිටපත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) වෙත යොමු කළ යුතුය. මෙම අනුයුක්ත කිරීම් 2022.12.31 දින දක්වා පමණක් ක්‍රියාත්මක වනපරිදි සිදුකළ යුතුවෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |