මෙරට ගුරුවරුන්ට සුබ ආරංචියක්.. වැටුප් ගැන ඇහෙන කතාව..

By Sithumini Jan 13, 2025 12:51 PM GMT
Report

ගුරු විදුහල්පති වැටුප් ඉහළ නැංවීම පිළිබදව මීළග අයවැයේදි අවදානය යොමු කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල දිගින් දිගටම සාකච්චා වුණා.

එවැනි පසුබිමක මැතිවරණ වේදිකාවල ප්‍රධාන පොරොන්දුවක් බවට පත්වෙලා තිබුණෙත් මේ වැටුප් වැඩි වීම කියන කාරණය. 

කොහොම වුණත් නව ආණ්ඩුව තවමත් කිසිදු වැඩපිළිවෙළක් ඒ සම්බන්ධයෙන් නොමැති බවට ඇතැමුම් චෝදනා කළද ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවාවන් 05ක් ඉහළම වැටුප් ලබන තල 10 අතරට ගෙන ඒමට අදාළ ක්‍රියාමාර්ග රජය විසින් ගනිමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී විශේෂයෙන්ම වැදගත්වන්නේ අනිවාර්යයෙන්ම මෙම වැඩි කිරීම සිදු කරන්නේද යන්නයි.

කොහොම වුණත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බවයි.