ගුරුවරුන් පිරිසක් විරෝධයක - උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට කුමක් වෙයිද?.

Ministry of Education Sri Lanka G.C.E.(A/L) Examination
By krishani Jun 26, 2023 08:37 AM GMT
Report

අද (26) දින, අපොස උසස් පෙළ විභාගයේ කළුතර දිස්ත්‍රික්කයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300ක් පමණ සිය කටයුතුවලින් ඉවත්ව විරෝධතාවයක් සිදුකර තිබෙනවා.

ඒ එම විදුහල ඉදිරිපිට දීම ය.

විරෝධය පැවැත් වීමට හේතුව රජය මඟින් පොරොන්දු  වූ අත්තිකාරම් මුදල් ලබානොදීම හේතුවෙන් ය.

පසුගිය අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දින පහෙන් පහට රු 2,000ක් ලබාදෙන බවට පොරොන්දු වුවත් අදට දින 12ක් වන නමුත් අදාළ මුදල ලබාදීමට කටයුතු කර නොමැත.

නමුත් මුදල් බැරකල බවට මැසේජ් එකක් දමා ඇතත් මෙතෙක් කිසිදු ගුරුවරයෙකුට මුදල් ලැබී නොමැත.

කෙසේවෙතත්, විරෝධතාකරුවන් පවසන්නේ මුදල් ලැබීමෙන් පසු නැවත උත්තර පත්‍ර පරීක්ෂා කරන බවයි.