අධ්‍යාපන සේවයට යන්න ඉන්න අයට මෙන්න සුභ ආරංචියක්..ලබන මාසෙ පත්වීම්..
Ministry of Education
A D Susil Premajayantha
Sri Lankan Schools
Education
By Aruna
අධ්‍යාපන සේවයේ පත්වීම් 5,828 ක් ලබන මාසයේ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව විදුහල්පතිවරුන් 4,718 ක්, ගුරු අධ්‍යාපනඥයන් 705 ක් සහ අධ්‍යාපන පරිපාලන සේවයට 405 දෙනෙක් බඳවාගන්නා බවයි, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ.
සමස්ත අධ්‍යාපන පද්ධතියේ මානව සම්පත් හිඟය ලබන ජනවාරි වන විට අදියර වශයෙන් අවසන් කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.
එමෙන්ම, ඔහු තවදුරටත් පැවසුවේ, පාසල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය මානව සහ භෞතික සම්පත් ඉදිරි අයවැය මඟින් සංවර්ධනය කරන බවයි.
සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩි දුරටත් අවධාරණය කළේ, ලෝකයම මුහුණ පා සිටින යුද ගැටුම්, දේශගුණ විපර්යාස, වසංගත වැනි ව්‍යසන හමුවේ අධ්‍යාපනික අභියෝග ජයගත යුතු බවයි.