ගුරුවරුන් බඳවා ගැනීමට නව ක්‍රමවේදයක්..ටියුෂන් එකටත් රතු එළියක්..

Ministry of Education Parliament of Sri Lanka Sri Lanka Cabinet Department of Examinations Sri Lanka Education
By Aruna Jun 19, 2023 01:54 AM GMT
Report

ජාත්‍යන්තර පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීමේ දී සපුරාලිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් සකස් කිරීමට අධ්‍යාපන කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සූදානම්ව සිටින බව වාර්තා වනවා.

තුන්සිය හැටක්(360) පමණ වන ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්තාවක් ද කැඳවා තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම පාසල්වල ගුරුවරුන් සම්බන්ධයෙන් මෙන්ම වෙනත් ගැටලු සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබෙන බවත්, එම පැමිණිලි සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වී.

රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කළා. විශේෂයෙන් ගුරුවරුන් බඳවා ගැනීමේ දී මේ වන විට සුදුසුකම් පිළිබඳ අවධානයක් නොමැති බවත් එම තත්ත්වය නිවැරදි විය යුතු බවත් සභාපතිවරයා කියා සිටියා.

මෙම පාසල් පිළිබඳව කටයුතු කිරීමට හා ඒවා පිළිබඳ අධීක්‍ෂණය සහ නියාමනය කිරීම පිණිස විශේෂ ඒකකයක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පිහිටු වීමට ද පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවති එම කාරක සභාවේ දී යෝජනා වී තිබේ.

මීට අමතරව පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ට බලපත්‍රයක් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීම ගත යුතු පියවර පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් කාරක සභාව අමාත්‍යාංශයට දන්වා තිබෙන බවයි පැවසෙන්නේ.

එම ගුරුවරුන් නියාමනය කිරීමේ අවශ්‍යතාවද කාරක සභාව අවධාරණය කර ඇත.