33000කට නව ගුරු පත්වී දෙන්න තීරණය කෙරේ..බඳවා ගන්නා ක්‍රියාපටිපාටිය මෙන්න..

Ministry of Education Parliament of Sri Lanka A D Susil Premajayantha Sri Lanka
By Aruna Mar 22, 2023 07:36 AM GMT
Report

මැයි මාසයේ මැද වනවිට නව ගුරුවරුන් 33,000කට පමණ පත්වීම් දී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

මේ අතර ළඟ දී විශ්වවිද්‍යාලවලින් පිටවූ උපාධිධාරීන්ව ද පළාත් මට්ටමෙන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මේ වනවිට අවධානය යොමුකර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

අද (22) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. "ගුරු ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වෙනවා.

ඊට අමතරව 7,500ක් පමණ වන්නා වූ විද්‍යාපීඨ ගුරුවරුන්ගේ ප්‍රතිඵල මේවන විට විභාග දෙපාර්තමේන්තුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයට යවලා තියෙනවා.

එහි සමීක්ෂණයෙන් පස්සේ මාර්තු 31 වනවිට ප්‍රතිඵල අවසාන වශයෙන් නිකුත්වෙනවා. ඒ අනුව ජාතික පාසල් සහ පළාත් පාසල් සඳහා දිස්ත්‍රික්ක සහ පළාත් අනුව අපි යොමුකරනවා.

පළාත් පාසල්වල ගුරු හිඟය අවම කිරීම සඳහා විද්‍යාපීඨ පත්වීම් ලබාදෙන්න. ජාතික පාසල්වල ගුරුවරුන් අමාත්‍යාංශ මගින් පත්වීම් ලබාදනේන සැලසුම් කරලා තියෙනවා.

බොහෝදුරට අප්‍රේල් මාසය අවසන්වීමට මත්තෙන් විද්‍යාපීඨ ගුරුවරු 7,500 ස්ථාන ගතකරන්න හැකියාව ලැබෙයි." "උපධිධාරීන් 26,000 බදවා ගැනීම සඳහා අයඳුම්පත් කැඳවලා මේ වන විට විභාග අයඳුම්පත් යවලා තියෙනවා.

විභාගය මේ සෙනසුරාදා පැවැත්වෙනවා. ඒකට 53,000ක් උපාධිධාරීන් පෙනී සිටිනවා. ඒ පෙනී සිටිමෙන් පස්සේ අපි සති දෙකක් උත්තර පත්‍ර සමීක්ෂණයට සැලසුම්කරලා තියෙනවා.

ඒ ප්‍රතිඵල අපි පළාත්වලට භාරදෙනවා, ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ පළාත් පදනමින් පත්වීම් ලබාදෙන්න ඒ සියලුම ගුරවරුන්ට."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.