යළිත් ගුරු විදුහල්පති ගැටලුව හේතුවෙන් හෙට සිට සියලු පාසල්වල කරන්න යන දේ..
ගුරු විදුහල්පති වැටුප් ගැටලුව මුල් කරගනිමින් කලක සිට විවිධ ගැටලු උද්ගත් වී තිබෙනවා.
මේ හේතුවෙන් යළිත් සිය ඉල්ලීම්වලට හැකි ඉක්මණින් ප්‍රතිචාර ලබාදෙන්නැයි ඉල්ලා ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය හෙට (02) පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා කර තිබෙනවා.
ඒ අනුව එළැඹෙන සිකුරාදා රාජ්‍ය අංශයේ සියලු වෘත්තිය සමිති රැස්කර, ගුරු විදුහල්පති සන්ධානය ලෙස ඒකාබද්ධ කිරීමට සූදානමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් අදහස් පළ කරමින් කියා සිටියා.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද (01) පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වනවා.
හෙට පාසල් වේලාවෙන් පසුව විරෝධතා පවත්වන බව ලංකා ගුරු සංගමය සඳහන් කළ අතර. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, වෘත්තීය ක්‍රියාමාර්ග තිව්ර කිරීමට කටයුතු කරන බවත් දෙමාපියන් මෙම තත්ත්වය තේරුම් ගත යුතු බවයි.