අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව පවතින විද්‍යාපීඨ 19ය ගැනම විශේෂ තීරණයක්..!

Ministry of Education A D Susil Premajayantha Sri Lanka
By Sithumi Jul 10, 2023 12:13 PM GMT
Report

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව පවතින විද්‍යාපීඨ 19ම ඉදිරියේදී විශ්වවිද්‍යාල බවට පත්කරන බවයි.

 අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පතන ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. ඒ අනුව ඉදිරියේදී විද්‍යාපීඨ සඳහා බඳවාගනු ලබන්නේ වසර 3කට නොව වසර 4කට බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ හරහා උපාධිධාරී පුහුණු ගුරුවරුන් පාසල් වෙත හිමිවන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ඒ තුළ ශිෂ්‍ය සංගම් සෑදීම සඳහා අවකාශය හිමි නොවන බවය.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවත් ඒවා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.