රට පුරා ගුරු-විදුහල්පතිවරු අද කරන්න යන වැඩේ..අද පාසල් වැසෙයි ද?
ගුරු සහ විදුහල්පතිවරුන් අද (25) දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙනවා .
ලංකා ගුරු සංගමය සදහන් කළේ ගුරු වෘත්තිකයන්ට, සිසුන්ට හා මව්පියන්ට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් රටේ පවතින අර්බුදකාරී වාතාවරණය නිමා කරන ලෙස ආණ්ඩුවට බල කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.
ලංකා ගුරු සංගමයේ, ලේකම් ජෝසප් ස්ටාලින් සදහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාමෙන් ගුරුවරුන් ද බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවයි.
“අද ගුරුවරුන්ට සේවයට වාර්තාකරන්න බැහැ. රුපියල් 500.00 තෙල් ගැහුවා නම් දැන් 2,000 ගහන්න ඕනේ.
මේ තරම් බරපතළ අර්බුදයක ගුරවරු ඉන්නේ. ගුරුවරුන්ගේ බස් ගාස්තුව වැඩිවෙලා. ප්‍රවාහන ගස්තු වැඩිවෙලා.
එන්න විදිහක් නැහැ. ගුරු-විදුහල්පති සන්ධානයට අධ්‍යාපන අමාත්‍යාංශයට ලිඛිතව දැනුම්දීමක් කළා.
අඩුම තරමේ මේ ගුරුවරුන්ට සහනයක් ලෙස ආසන්න පාසලක සේවය කරන්න අවස්ථාව දෙන්න කියලා කිව්වා.
ඒක අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රතික්ෂේප කළා.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |