ගුරු මාරුවීම් සහ ගුරු අනියුක්ත කිරීම් ගැන ගත් අලුත්ම තීරණය.
Ministry of Education
Government Of Sri Lanka
Ceylon Teachers Service Union
By Wayomi
2023 නව අධ්‍යයන වර්ෂය තෙක් ගුරු මාරුවීම් සහ ගුරු අනියුක්ත කිරීම් සඳහා අයදුම්පත් භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත් ගර්භනී ගුරුවරියන් වෙත ලබාදෙන අනුයුක්ත, වෛද්‍ය වාර්තා මගින් සනාථ වන සෞඛ්‍ය හේතූන් මත දෙනු ලබන පාසල්වල සේවා අවශ්‍යතා පදනම් කරගනිමින් ගුරු ස්ථාන මාරුවීම් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර ප්‍රවාහන අපහසුතා හේතුවෙන් අනුයුක්ත ලබාගත් ගුරුවරුන්ට එම අනුයුක්ත පසුගිය 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණත්, එම පාසල්වල විදුහල්පතිවරුන්ගේ එකඟතාව ඇත්නම් පමණක් අදාළ පාසලේ ලබන දෙසැම්බර් 31 වනදා තෙක් සේවය කිරීමේ හැකියාව පවතිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |