කැපූ අත්තට යටවී ගුරුවරයා අවසන් ගමන් යයි..

Nuwara Eliya school teacher Thalavakale Malliappuva Welusami Maheshvaran
By Sewvandhi Feb 21, 2022 04:24 PM GMT
Report

තලවාකැලේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, මල්ලිඅප්පුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය පසෙක තිබූ විශාල නුග ගසක කපමින් තිබූ අත්තක් මාර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් මතට කඩා වැටීමෙන් පාසල් ගුරුවරයකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ලෝගි වත්තේ පදිංචිව සිටි වේළුසාමි මහේෂ්වරන් (40) නැමති දෙදරු පියෙකි. මියගිය අය තලවාකැලේ දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරන අයකු බව පොලීසිය කියයි.

නුග ගසේ අත්ත වැටෙන අවස්ථාවේ මාර්ගයේ ධාවනය කරමින් තිබූ ත්‍රීවීල් රථයකට ද හානි සිදුව ඇති බවත්, ත්‍රීවිල් රථයේ ගමන් කළ අයට අනතුරක් සිදුව නොමැති බවත් පොලීසිය පවසයි.

නුග ගසේ අත්ත කඩා වැටීමෙන් මාර්ගය දෙපස තිබූ විදුලි හා දුරකතන රැහැන් කණු දෙකක්ද කඩා වැටී තිබේ. නුග ගසේ අත්ත කඩා වැටීමෙන් මාර්ගය පසෙක තිබූ හින්දු කෝවිලකටද හානි සිදුව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now