350කට ස්ථිර ගුරු පත්වීම්..
Jaffna
Sri Lanka
By krishani
උතුරු පළාතේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරී ගුරුවරුන් 350 දෙනෙකුට ස්ථිර ගුරු පත්වීම් ප්‍රදානය කිරිම සිදු කෙරිණ.
ඒ උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පී.එම්.එස්.චාර්ල්ස් අතින් යාපනය විද්‍යා පීඨ ප්‍රධාන ශාලාවේදී ය.
මෙම පත්වීම් උතුරු ප්‍රදේශයේ දුෂ්කර හා අති දුෂ්කර පළාත්වල සේවය කිරීමට ලබා දී ඇත.
කෙසේවෙතත්, මේ අවස්ථාවට ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය කාදර් කාදර් මස්තාන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් සමන් බන්ධුලසේන, උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ. ශිවඥානම් යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් රැසක් සහභාගි විය.