බළලෙක් නිසා ගුරුවරියකට සිදු වූ අරුම පුදුම දේ..
සූම් පන්තියට පස් වතාවක් ආ සුරතලා චීනයේ ගු අන් ෂූ හි චිත්‍ර ගුරුවරියක විසින් මෙහෙයවන ලද මාර්ගගත පන්තියකදී තිරයේ බළලෙකු පෙනී සිටීම හේතුවෙන් බලධාරීන් විසින් ඇය සේවයෙන් පහකර තිබුණි.
ඒ පසුගිය වසරේ ජුනි මාසයේදීය.
මේ සම්බන්ධයෙන් ඇය ගොනුකළ නඩුවේ තීන්දුව පසුගියදා ලැබුණු අතර නඩුවෙන් ජයග්‍රහණය කළ ඇයට යුවාන් 40000ක් (රු. 2119255) මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙසට අධිකරණය විසින් නියෝග කළේය.
ඇය මෙසේ මාර්ගගත පන්ති මෙහෙයවා තිබුණේ පසුගිය කොවිඩ් කාල සීමාවේදීය.
පන්තිය අතරතුරදී ගුරුවරිය වූ ලූඕ ගේ සුරතල් බළලා පස් වතාවක් කැමරාවට පැන තිබුණි.
මෙය දුටු ලූ ඕ සේවය කරන අධ්‍යාපන තාක්ෂණ සමාගම එම සිද්ධිය මුල් කරගෙන ලූ ඕ සේවයෙන් පහකළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් චීන පුවත්පත් වාර්තා කර තිබුණේ ලූ ඕ රාජකාරිය අතරතුර අනවශ්‍ය ක්‍රියාවල නියුතුවූ බව ඇය සේවය කරන ආයතනය පවසන බවයි.
ආයතනය සමග මෙය බේරුමක් කරගැනීමට ලූ ඕ උත්සාහ කළත් පලක් නොවූ තැන නඩු මගට බැස්සාය.
ඇයට නඩුවෙන් ජයගෙන වන්දි මුදලක් සමග රැකියාවද ලබාගැනීමට දැන් හැකිවී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |