වැට් බදු පනත බලාත්මක කෙරේ
Sri Lanka Economic Crisis
Sri Lanka
Financial crisis
Economy of Sri Lanka
By Sithumi
එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු සශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබෙනවා.
ඊයේ (14) දිනයේ දී අත්සන් තැබූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවති අතර එහිදී එය වැඩි ඡන්ද 41කින් සම්මත වුණා.
ඒ අනුව මෙම පනත ඊයේ (14) දින සිටම බලාත්මක වනු ඇති.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 09 වනදා සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එහිදී පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 41ක් ලැබුණි.
මේ අනුව, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත 2022 අංක 44 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස 2022 දෙසැම්බර් 14වන දින සිට බලාත්මක වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |