ආදායම් බදු නිදහස් කිරීමේ සීමාව ඉහළ දමයි..

India
By Aruna Feb 06, 2023 03:55 AM GMT
Report

ජනතාවගෙන් අය කෙරෙන පෞද්ගලික ආදායම් බදු නිදහස් කිරීමේ සීමාව ඉන්දීය රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 07 දක්වා ඉහළ දැමීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

ඒ අනුව නව බදු සංශෝධනය මගින් රුපියල් ලක්ෂ 07 දක්වා ආදායමක් ඇති පුද්ගලයන්ගෙන් කිසිදු ආදායම් බද්දක් අය නොකෙරේ.

2023 - 24 මූල්‍ය වර්ෂය සඳහා මධ්‍යම රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් ඇමැතිනි නිර්මලා සිතාරාමන් මෙම බදු සහනය නිවේදනය කළාය.

මුදල් ඇමැතිනියගේ මෙම බදු සහන ප්‍රකාශයෙන් දිනකට පසු ඉන්දීය ආදායම් ලේකම් සංජේ මල්හෝත්‍රා සඳහන් කළේ සරල සහ ජනතාවට පහසු බදු ව්‍යුහයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවය.

යෝජිත නව බදු ව්‍යුහය අනුව කාණ්ඩ 06ක් වූ බදු වෙනස්වීම ආදායම් කාණ්ඩ 05ක් දක්වා අඩුකිරීමටද රජය යෝජනා කර ඇත.

එසේම මීට පෙර ඉහළම ආදායම් කාණ්ඩය වෙනුවෙන් අයකළ සියයට 37ක බදු අනුපාතය නව සංශෝධනයේදී සියයට 25ක් දක්වා අඩු කිරීමටද පියවර ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now