මම ගීත කිහිපයයි තවම ගායනා කරලා තියෙන්නේ, නමුත් ඒ සේරම ඉක්මනින් ජනප්‍රිය වුණා-ටශ්නි පෙරේරා (PHOTOS)

By Sithumi Jan 12, 2023 05:02 PM GMT
Report

රියැලිටි වේදිකාවෙන් ගායන ක්ෂේත්‍රයට එකතුවුණු දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර ගායන ශිල්පිනියක් තමයි ටශ්නි පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඇය ගායනා කල සලඹ සලා, සඳරු අයියා වැනි ගීත දැනටත් ඉතාම ජනප්‍රියයි. කොහොම නමුත් ටශ්නි කියන්නේ කලා පවුලක තුන්වැනි පරම්පරාවේ කෙනෙක්. මොකද ඇයගේ පවුලේ ආච්චිලා තුන්දෙනෙක්ම ළමා ගායිකාවෝ. ඒ විතරක් නෙමෙයි සීයත් ජනප්‍රිය ගායකයෙක්. 

ඒ අය තමයි අයරින් ලියනගේ, නොයෙලින් ලියනගේ සහ බ්‍රිජට් කුසුම් ලියනගේ. ඒ වගේම සීයා තමයි වික්ටර් දළුගම. ඉතින් 2023 ටශ්නි මොනවද කරන්න ඉන්නේ කියලා දැන ගන්නත් පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් මේ දවස්වල ජීවිතේ නරකයි කියන්නත් බැහැ හොඳයි කියන්නත් බැහැ කියලයි ඇය නම් කියන්නේ. 

 මොකද මේ කාලයේ මිනිසුන්ට වෙන දේවල් සහ චූටි දරුවෝ විඳින දුක් දැක්කම. ඒ වගේම ඇයත් බොහොම මධ්‍යම පන්තියේ කෙනෙක් නිසා දැන් උපරිම අනිත් අයට දන් දෙන්න පුරුදු වෙලා තියෙනවාලු. ඒ නිසාම ඇයට තියෙන පොඩි දෙයක් වුණත් තව කෙනෙක්ට දීලා සතුටු වෙන්න පුළුවන් කාලයක් දැන් උදා වෙලා තියෙනවා කියලත් ඇය කියනවා.  

ඒ වගේම 2023 අවුරුද්දේ ඇයගේ අලුත්ම ගීත දෙකක් ප්‍රේක්ෂකයින්ට අහන්න දකින්න ලැබෙයි කියලයි ඇය නම් කියන්නේ. කොහොම නමුත් ඇය මහ ලොකු ප්‍රමාණයක් ගීත කරලා නැති වුනත් ඇය මෙතෙක් කරපු ගීත සියල්ලම වගේ ප්‍රසිද්ධයි කියලත් ඇය කියනවා. ඉතින් ඒ ප්‍රසිද්ධ ගීත අතරිනුත් සුප්‍රසිද්ධ ගීත දෙකක් තියෙනවා. ඒ සඳරු අයියා සහ සළඹ සලා ගීත දෙක. ඉතින් ඒ ගීත දෙකට ලැබෙන ප්‍රතිචාර එක්ක දැන් තියෙන ප්‍රසංගවලට තියෙන ඇරියුම් ගැන තෘප්තිමත් කියලයි ඇය කියන්නේ. ඒ වගේම ටශ්නි කියන්නේ දවසින් දවස ටශ්නි ලස්සන වෙන කෙනෙක්.  

ඉතින් ලස්සනයි කියන්නේ ඇයට පොඩි කාලේ ඉඳන්ම අම්මා තාත්තාගෙන් ලැබුණු දෙයක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ දේවල් එක්ක ඇයට තියෙනවාලු ඇයටම අනන්‍ය වූ හැඩතලයන් ටිකක්. ඒත් එක්කම ස්වාභාවික ලස්සන ආරක්ෂා කරගනිමින් වතුර වැඩියෙන් පානය කරලා ව්‍යායාම කරලා ඉන්නවා කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම පහුගිය කාලයේ පොඩි පොඩි හේතුන් හිත් රිදීම් මත ඇය සංගීත ක්ෂේත්‍රයෙන් මඳකට ඈත් වෙලා හිටියත් ආයේ සංගීත වැඩ කටයුතු පටන් ගත්තේ ඇයගේ මහත්තයා නිසා කියලත් ඇය කියනවා ඉතින් ඔහුගේ සහයෝගය නැත්නම් අද ඇය මේ තැන නැහැ කියලයි ටශ්නි අවසාන වශයෙන් පවසලා තිබුනේ.

GalleryGalleryGalleryGalleryGalleryGallery