ටැන්සානියා නිදහස් දින සැමරුම අවලංගු කර එම මුදල් රට වැසියන්ට පිදූ හැටි.

Ranil Wickremesinghe Independence Day Sri Lanka Government Of Sri Lanka
By Wayomi Jan 30, 2023 10:24 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

ටැන්සානියාවේ පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තිබූ එරට 61 වන නිදහස් දින සැමරුම් අවලංගු කර එම මුදලින් විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා නේවාසිකාගාර ඉදිකිරීමට එරට ජනාධිපති සමියා සුලුහු හසන් මහත්මිය උපදෙස් දී තිබෙනවා.

ඇත්ත වශයෙන්ම මෙම සංසිද්ධිය හැම අතින්ම බංකොලොත් වෙලා ඉන්න ශ්‍රී ලංකාවේ නිදහස් දිනය පවත්වනවාද නැද්ද යන සංවාදයට ගැනීමට ද වැදගත්ය. (වැඩි විස්තර පහතින්.)

එරට 61 වන නිදහස් දින උත්සවය සඳහා ඩොලර් 445,000 ක් වැය කිරීමට නියමිතව තිබුණා .

කෙසේ වෙත්ත ජනාධිපතිනියගේ අණ පරිදි එම මුදල රට පුරා ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර අටක් ඉදිකිරීමට යොදා ගැනුණා.

ටැන්සානියාවේ රාජ්‍ය අමාත්‍ය ජෝර්ජ් සිම්බචවේන් මුදල් ලබා දීම තහවුරු කර තිබුණා.

පසු එරට නිදහස් දිනය සැමරුණු ලැබුවේ ටැන්සානියාව සංවර්ධනය පිළිබඳ මහජන සංවාද පවත්වමින්.

ටැන්සානියාව සැමරුම් අවලංගු කළ පළමු අවස්ථාව මෙය නොවන බවත් 2015 දී එවකට ජනාධිපති ජෝන් මගුෆුලි සැමරුම් අවලංගු කර වාණිජ අගනුවර වන ඩාර් එස් සලාම් හි මාර්ගයක් ඉදිකිරීමට අරමුදල් හරවා යැවූ බවත් වාර්තා වෙනවා.

2020 දීත් ඔහු එයම කළ අතර වෛද්‍ය පහසුකම් මිලදී ගැනීමට මුදල් භාවිතා කරන ලෙස උපදෙස් දී තිබෙනවා.          


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW