T20 තරගාවලියට ත්‍රස්ත අවදානම තවමත්..
නැවත වතාවක් ISIS හිතවතාදීන් නිකුත් කර ඇති පෝස්ටරයක් නිසා මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීම පිළිබදව බියක් ඇති වී ඇත .
එකි පෝස්ටරයේ ඇමරිකාවේ නිවුයෝක්හි නසාව් ක්‍රීඩාංගණය සහ ජුනි මස 09 වනදා දැක්වෙන එහි ඔබ තරග ආරම්භ වනතුරු බලා සිටිනවාද, අපි ඔබ එනතුරු බලා සිටිමු යනුවෙන් සටහන් කර ඇත.
එදින එම ක්‍රීඩාපිටියේදී ඉන්දු - පාකිස්ථාන තරගය පැවැත් වීමට නියමිත අතර ක්‍රීඩාංගණයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දී තිබෙනවා.
නවවන T20 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ජුනි මස පළවෙනිදා ආරම්භ කිරීමට නියමිතය.
කෙසේ වෙතත් එය ආරම්භ වීමට පෙර මීට සති කිහිපයකට පෙර කැරබියෙන් දූපත් කිහිපයකට ත්‍රස්ත තර්ජන එල්ල වී ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරතිබුනි.
අයිඑස් ගැති මාධ්‍ය මූලාශ්‍ර විසින් ප්රචණ්ඩත්වය උසිගන්වන ව්‍යාපාරයක් දියත් කරමින් ක්‍රීඩා ඉසව් වලට එරෙහිවකටයුතු කරමින් සිටින බවත් එයට ඇෆ්ඝනිස්තාන්- පකිස්ථාන් ශාඛාවන්හි වීඩියෝ පණිවිඩද ඇතුලත් කර ඇති බවට ආරක්ෂක අනතුරු ඇඟවීම් වල සඳහන් ව තිබු අතර මෙලෙස එල්ල වී ඇති තර්ජනයන්ට එරෙහිව සටන් කිරීමට එරට ආරක්ෂක ඒජන්සිය කටයුතු කරන බව එරට මධ්‍ය වාර්තාවල සදහන්ව තිබුණි .
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%