සමාජ මාධ්‍ය කළඹමින් ඉන්දු - පාකිස්ථාන T 20 ලෝක කුසලාන සටනට පෙර දුන් මේ සංඥාව මොකක්ද? - (VIDEO)
T-20 2024 ලෝක කුසලානයේ ඉතා තියුණු තරගයක් වූ ඉන්දු - පාකිස්ථාන තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව අද (10) සමන් වුණා.
තරගාවලියේ 19 වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරු 08.000 Nassau County International Cricket Stadium, New York හිදී ආරම්භ වූ තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළා.
අවසානයේ පන්දුවට පහර දීමට පිටියට පිව්සි ඉන්දීය කණ්ඩායමට පළමු පන්දුවාරය අවසන් වී ලකුණු 08ක් ලබා සිටියදී පිටියට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නැවැත්වීමට සිදුවිය.
කෙසේ වෙතත් මෙම තීරණාත්මක තරගය ආරම්භ වීමට පෙර එක් සුවිශේෂී සිදුවීමක් පිළිබඳව සමාජ සාධ්යයයේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ ඉහළ අහසේ ඉමාන් ඛාන් නිදහස් කරන්න ලෙස සටහන් කළ බැනරයක් සහිත ගුවන් යානයක් නසා වූ ප්‍රාන්තයට ඉහළින් පියාසර කිරීමයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙය හිටපු අගමැති ඉන් ඛාන්ගේ අධාරකරුවන්ගේ ක්‍රියාවක් විය හැකි බවටයි.
කෙසේ වෙතත් ඔවුන්ගේ අනන්‍යතාවය තවමත් තහවුරු කරගෙන නැහැ.