ගාසා සහයෝගයට සංකේතමය පියවරක් ලෙසට වැසුණු සිඩ්නි පාලම [VIDEO]
                                    
                    Israel
                
                                                
                    Palestine
                
                                                
                    Gaza
                
                                                
                    Latest Headlines
                
                                                
                    Sinhala news
                
                        
        
            
                
                By Shehan
            
            
                
                
            
        
    ලක්ෂයකට අධික ජනතාවක් එක්ව පලස්තීනයට සහය දක්වමින් පැවති විරෝධතාවක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ප්‍රසිද්ධ වරාය පාලම වසා දැමීමට බලධාරීන්ට සිදුවිය.
එහිදී ඔවුන් ඉල්ලා සිටියේ ගාසා තීරයේ සාමය ඇති කරමින්, එහි මානුෂීය ආධාර යැවීමට පියවර ගන්නා ලෙසයි.
මනුෂ්‍යත්වය වෙනුවෙන් පැවති මෙම විරෝධතාව, “මනුෂ්‍යත්වයේ පාගමන” ලෙස නම් කර තිබූ අතර, එයට එක්වූවන් වළං රැගෙන සිටියේ කුසගින්න සිහිපත් කරමිනි.
වැසි මධ්‍යයේ පැවති මෙම විරෝධතාවට විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ඇසෑන්ජ් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    