අලුත්ම කාර් එකක් දෙන්නම් එක රැයක් මාත් එක්ක නිදාගමු කිව්වා..වැඩි පිරිසක් නිදාගන්න එන්න කියන සූරූපී නිළිය..ඇය කරපු දේ මෙන්න..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna Oct 27, 2022 12:26 AM GMT
Report

ස්වර්ණමාලි ජයසුන්දර කියලා කිව්වම අපේ රටේ අය වැඩිය දන්නේ නැතුව ඇති.

මොකද ඇය කා අතරත් වැඩියෙන්ම ප්‍රසිද්ද වෙලා සිටින්නේ මලී ජේ කියන නමිනුයි.

ඇය කලා ක්ෂේත්‍රය තුල සිටින නිළියක් වගේම නිරූපන ශිල්පිනියක්ද වෙනවා.

ඇයගේ ජිවිතයේ සිදුවුණු විශේෂ දෙයක් ගැන කතාබහකට එකතු වෙමින් ගොසිප් යුටියුබ් චැනල් එකක් ඔස්සේ මෙලෙසින් කතාබහකට එකතු වෙලා තිබුණා.

මගේ ඇත්ත නම ස්වර්ණමාලි ජයසුන්දර. ඒක ෂෝර්ට් කරලා තමයි මලී ජේ කියලා කියන්නේ.

ගොඩක් දෙනෙක් මට කතා කරන්නේ ඒ නමින්. මගේ ගම නුවර, කොළඹට ඇවිල්ලා අවුරුදු තුනක් විතර වෙනවා.

ඒ ආපු ගමනෙන් තමයි මම කලා ක්ෂේත්‍රය තුලට එන්නේ. මම රංගනයට එන්නේ ඒදේ හැදෑරීමකින් පස්සෙයි.

ඒ නිසා මගේ මතය වෙන්නේ මොන වගේ දෙයක් කලත් ඒ ගැන හැදෑරීමක් කරන්න ඕනේ.

රංගනයට වඩා මම ගොඩක් කැමති නිරුපන ක්ෂේත්‍රයට.

සාමාන්‍යයෙන් මේ වගේ වෘත්තියක් ඇතුලේ අනවශ්‍ය යෝජනා ගොඩක් එනවා.

වැඩ දාහකට කතා කලොත් ඒකෙන් නවසිය අනූ නවයක්ම එන්නේ අනවශ්‍ය වැඩ වලට එන්න කියලා.

ලංකාවේ නම් දරාපු බොහොම ප්‍රසිද්ධ අයත් ඒ අතරේ ඉන්නවා.

ගොඩක් වෙලාවට එහෙම යෝජනා එන්නේ සිනමා ක්ෂේත්‍රයෙන්.

ඒ අයත් එක්ක බුදියගත්තොත් හොඳ චරිතයක් දෙනවා කියලා. මම දන්නා හඳුනන ගොඩක් ඒ වගේ අය ඉන්නවා.

එක්තරා පුද්ගලයෙක් මට දවසක් කිව්වා එයාට වාහන හැටක් ලංකාවට එන්න තියනවා එතනින් එකක් ඔයාට ලියලා දෙන්නම් එන්න කියලත් කිව්වා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery