පාසල් දරුවන්ගේ නිල ඇඳුම් ,සපත්තු සහ පොත්පත් මෙන්ම අතපසු වූ අධ්‍යාපන කාලයට සිදු කරන දේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..!
අද (08) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් 19 තත්ත්වය සහ ආර්ථික අර්බුදය තුළ අධ්‍යාපන ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගෙන් ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් එතුමා පැවසුවේ,
මේ දිනවල පවතින ආර්ථික ගැටලු සලකා බලා, 'දරුවෙක් පාසලට සපත්තු දෙකක් නැතුව ආවොත්, නිල ඇඳුමේ අඩුපාඩුවක් ඇතිව ආවොත් ඒ ගැන තදින් කටයුතු නොකරන' ලෙස අමාත්‍යවරයා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම, Covid 19 ව්‍යසනය නිසා රට තුළ උද්ගත වූ තත්ත්වය හේතුවෙන් මෙරට අධ්‍යාපන පද්ධතිය බිඳ වැටුණු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
2020 වසරේ පාසල් පැවැත්වීමට නියමිතව තිබූ දින ගණන වන දින 194න් පාසල් පැවැත් වීමට හැකි වූයේ බස්නාහිර පළාතේ දින 94කුත්, පිට පළාත්වල දින 117කුත් පමණක් බවත්, 2021 වසරේ පාසල් පැවැත්වීමට නියමිතව තිබූ දින ගණන වන දින 229න් බස්නාහිර පළාතේ දින 102කුත්, පිට පළාත්වල දින 143කුත් පමණක් පාසල් පැවැත් වීමට සිදු වූ බවත් එමගින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බරපතල පාඩුවක් සිදු වූ බවත් එයින් වැඩි ම බලපෑම සිදු වූයේ එක සහ දෙක ශ්‍රේණිවල සිසු දරුවන්ට බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.
එමෙන් ම මේ වසරේ පළමු පාසල් වාරයේ පළමු අර්ධයේ දින 23ක් පාසල් පැවැත් වීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර සිටියත්, ඉන්ධන අර්බුදය සහ වෙනත් හේතු නිසාවෙන් දින 14ක් පමණක් පාසල් පැවැත්වීමට සිදු වූ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ ආකාරයෙන් පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම හේතුවෙන් මෙරට අධ්‍යාපන පද්ධතියට සිදු වී ඇති බලපෑම සම්බන්ධයෙන් සමීක්ෂණයක් කරන ලෙස අධ්‍යාපන බලධාරින්ව දැනුවත් කළ බවත් ඔහු කියා සිටියා.
තව ද සිසු දරුවන්ගේ අධ්‍යාපන කාලයෙන් අතපසු වූ කාලය නැවත පියවීමේ වැඩපිළිවෙලක් සූදානම් කිරීමට තම අමාත්‍යංශය කටයුතු කරමින් සිටිනා බවයි.
එහි පළමු පියවර ලෙස පාසල් අධ්‍යාපන ක්ෂේත්රයට අදාළව කටයුතු කරන වෘත්තීය සමිති සමග සාකච්ඡාවක් පැවැත් වීමට සූදානමින් සිටින බවත් එය එළැඹෙන සිකුරාදා දින පවත්වන බව ද අමාත්‍යවරා කියා සිටියා.
කෙසේ නමුත් වත්මන් ආර්ථික අර්බුදය නිසා උද්ගතව ඇති ඉන්ධන ගැටලුව හේතුවෙන් ප්‍රවාහන කටයුතුවල දුශ්කරතා නිසා පාසල් පැමිණීමට ප්‍රමාද වන ගුරුවරුන් සහ සිසු දරුවන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස තමා අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |