මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පාසල් සිසුන් 81ක් ගැන ගත් තීරණය ඇමති කියයි..

A D Susil Premajayantha Sri Lanka
By krishani Nov 09, 2022 08:27 AM GMT
Report

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පාසල් සිසුන් 81 දෙනෙකු පමණ මේ වසරේ මුල් මාස නවය තුළ පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද(09) ප්‍රකාශ කළේ ය.

2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පුනරුත්ථාපනය සඳහා යොමු කළ අය අතර අවුරුදු 1 ත් 14 ත් අතර ළමුන් තිදෙනෙකු සහ වයස අවුරුදු 15 ත් 19 ත් අතර ළමුන් 78 දෙනෙකු ද සිටින බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join