අධ්‍යාපන ක්‍රමයෙහි වෙනසක්..
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ,අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් වෙනසක් සිදුකළ යුතු බවයි.
වෙනත් රටවල් අනාගත වෘත්තීන්ට අනුකූල වන ලෙස සිය අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයකට ලක් කර තිබුණද ශ්‍රී ලංකාවේ එය මෙතෙක් සිදුකර නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ අතර, පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමටත් ඊට අදාළ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිතයි.
ඒ, ‘ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ’ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ උපදෙස් මතයි.
ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය මෙම දැනුම්දීම සිදුකළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.
මෙම රැස්වීමට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විවිධ ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ආයතවල නියෝජිතයන් ද මෙම කමිටුවට ඇතුළත් වන පරිදි එය පිහිටුවන ලෙසත් අදාළ සම්බන්ධීකරණ කටයුතුවල ප්‍රධාන වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගන්නා ලෙසත් රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මෙහිදී උපදෙස් දී තිබෙනවා.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ, මෙම කමිටුවේ වගකීම් මාස තුනක් ඇතුළත අවසන් කළ යුතු බවත් ඒ සඳහා වන කාලරාමුවක් මීළඟ රැස්වීමේදී සකස් කිරීමට අපේක්ෂා කරන බවයි.
වයස අවුරුදු 16 ඉක්මවූ පාසල් සිසුන්ව ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමට දැනටමත් පෙළපොත් සකස් කර තිබුණද දරුවාගේ මනසට ගැළපෙන පරිදි කුඩා කළ සිටම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දරුවන්ව දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බැවින් ඒ සඳහා පෙළපොත් සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බවත් කමිටුව විසින් අවධාරණය කරන ලදී.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |