සල්ලි දුන්නෙ නැත්නම් සෑම රජයේ නිලධාරියෙකුගේම නම් ගම් හෙළි කරනවා..! - ඉදිකිරීම් සංගමයේ සභාපතිගෙන් සැර ප්‍රකාශයක්..!

Sri Lanka Sri Lanka Constitutional
By Sewvandhi Apr 27, 2022 02:39 PM GMT
Report

ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා සම්බන්ධ වූ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් බිලියන 56 කට අධික මුදලක් ගෙවා දැමීම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පැහැර හැර ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසනව

මෙම ව්‍යාපෘතියෙහි සියලු ඉදිකිරීම් සුළු හා මධ්‍යම පරමාණ ඉදිකිරීම් කරුවන් වෙත ලබාදීමට රජය විසින් තීරණය කර තිබුණු බවත් එම ව්‍යාපෘති ලබා දීමේදී එම ඉදිකිරීම් කරුවන් ගේ සුදුසුකම් කිසිවක් පරීක්ෂාකර නොබලා ටෙන්ඩර් කැඳවීමකින් ද තොරව එම ව්‍යාපෘති භාර දුන් බවත් ඔහු සඳහන් කරනවා.

මේ ආකාරයට ලබාගත් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී ලබාදිය යුතු අත්තිකාරම් මුදල පවා රජය විසින් ගෙවා හැරීම පැහැර හැර ඇති බව ඔහු සඳහන් කළා. මීට අමතරව පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ගෙවීම් කටයුතු ද පැහැර හැර ඇති බව ඔහු අවධාරණය කරනවා.

එම මුදල් පිළිබඳව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයට තමා ගිය විටදී එම ව්‍යාපෘතිය කළමනාකරණය කළ කාර්යාලය පවා ඉවත් කරගෙන තිබූ බවයි ඔහු සඳහන් කළේ. මේ සඳහා මූලික වශයෙන්ම හේතු වී ඇත්තේ ක්‍රියාත්මක කෙරුණු ජාතික ප්‍රසම්පාදන කොමිසමේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා හිතුමතයට එම ව්‍යාපෘති භාරදීම බවයි.

ඊට අමතරව මෙම ව්‍යාපෘති ලබාදීම සඳහා අති විශාල අල්ලස් මුදල් ප්‍රමාණයක්ද රජයේ නිලධාරීන්ට ලබා දීමට සිදු වූ බවත් ඔහු සඳහන් කරනවා. යම් හෙයකින් අදාළ මුදල් ගෙවීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු නොකරන්නේ නම් එලෙස මිලියන ගණනින් මුදල් ලබාගත් සෑම  රජයේ නිලධාරියෙකුගේම නම් ගම් ඇතිව සියල්ල හෙළි කරන බවත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now