සිසේරියන් සැත්කමකින් පසු දරුවා ප්‍රසූත කර මාස 18කින් මවගේ උදරයේ තිබී හමු වූ දේ..

New Zealand
By krishani Sep 05, 2023 04:05 PM GMT
krishani

krishani

in ලෝකය
Report

නවසීලන්තයේ කාන්තාවකගේ සිසේරියන් සැත්කමකින් පසුව උදරයේ තිබී පිඟානක ප්‍රමාණයේ ශල්‍ය මෙවලමක් සොයාගෙන තිබෙනවා.

ඒ දරුවා ප්‍රසූත කර මාස 18 කට පසුවයි.

එනම් ඇයගේ උදරයෙන් හමු වී තිබෙන්නේ Alexis retractor නොහොත් AWR උපකරණයයි.

එහි විෂ්කම්භය සෙන්ටිමීටර 17ක් වන වන අතර 2020 දී Auckland City රෝහලේ දී මෙම සැත්කම සිදුකර තිබෙන්නේ.

AWR යනු ශල්‍යකර්මයේ දී තුවාලයක දාර පසුපසට ඇද ගැනීමට භාවිතා කරන සිලින්ඩරාකාර උපාංගයකී.

අදාළ මෙම කාන්තාව මාස ගණනක් නිදන්ගත වේදනාවෙන් පෙළී තිබෙනවා.

එම උපාංගයේ කිසිදු සලකුණක් නොපෙන්වා ඇති අතර ඇය X-කිරණ ද ඇතුළුව පරීක්ෂණ කිහිපයකට භාජනය කර ඇත.

එහිදී ඇයගේ වේදනාව උග්‍ර වී ඇති අතර පසුව ඇය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට යොමුකර තිබෙනවා.

ඉන්පසුව උදරයේ CT ස්කෑන් පරීක්ෂණයකින් උපකරණය සොයාගෙන ඇති අතර එය වහාම ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

මේ අතර එම කාන්තාව ශල්‍යකර්මයට ලක් වූ රෝහල විසින් රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව නවසීලන්තයේ සෞඛ්‍ය හා ආබාධිත කොමසාරිස් Morag McDowell, සඳුදා නිකුත් කරන ලද වාර්තාවකට අනුව සඳහන් කර තිබෙනවා. 

කෙසේ වෙතත්, සිසේරියන් සැත්කමේ දී කාන්තාවට උපස්ථාන කරන වයස අවුරුදු 20ක හෙදියක් රෝගියා කෙරෙහි අවධානය දැක්වීමට අපොහොසත් වී ඇති බව Auckland දිස්ත්‍රික් සෞඛ්‍ය මණ්ඩලය පෙන්වා දී ඇත.