ගෝඨාභයට නොතීසි. - ශ්‍රේෂ්ඨාධිකරණයයෙන් විශේෂ නියෝගයක්.
Gotabaya Rajapaksa
Supreme Court of Sri Lanka
By Wayomi
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කර තිබෙනවා.
ඒ, කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක ව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි.
2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු 5ක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් 8දෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට මරණ දණ්ඩනය දී තිබුනා.
ඒ, අනුව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.