ඉන්ධන බෙදාහැරිම් කටයුතු අධීක්ෂණය නව අමාත්‍යාංශයක් යටතට...

Ceylon Petroleum Corporation Ministry of Energy Gagana news State Ministry of Home Affairs
By Subodha Apr 10, 2022 09:16 AM GMT
Report

ඉන්ධන පිරවුම්හලවල ඉන්ධන බෙදාහැරිම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සහය ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ .

පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ආනයනය කරන සීමිත ඉන්ධන තොග මනා කළමනාකරණයකින් යුතුව හඳුනා ගත් අත්‍යවශ්‍ය ආර්ථික කටයුතු සඳහා ලබා දී ඉතිරි ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධනහල් වෙත ලබාදීම බලශක්ති අමාත්‍යාංශයේ මැදිහත් වීම මත සිදුකරන සඳහන්ය.

කෙසේ වෙතත් එම ඉන්ධනහල්වලින් පාරිභෝගිකයින් වෙත ඉන්ධන බෙදාහැරීමේ දී නොයෙකුත් අඩුපාඩු  සහ අක්‍රමිකතා සිදුවන බවට වාර්තා වී ඇති බව බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් හරහා ඉන්ධන බෙදා හැරීම ක්‍රියාවලිය විධිමත්ව සිදුවන බවට සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ .

ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග සාකච්ඡා කර ඊට අදාළ වැඩපිළිවෙ ලක් කිරීම සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now