බලගතු පුද්ගලයින් අතර පළමු තැන සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට හිමි වූ හැටි.
Shah Rukh Khan
Bollywood
By Wayomi
2023 වසරේ ලොව වඩාත්ම බලගතු පුද්ගලයින් අතර ප්‍රථම ස්ථානයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් පත්ව තිබෙනවා.
ඒ, ඇමරිකානු ටයිම්ස් සඟරාවේ පාඨක මත විමසීම්වලට අනුවයි.
ටයිම්ස් සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන මෙම පාඨක මත විමසීමේදී ලක්ෂ 12 කට අධික ඡන්ද ප්‍රමාණයකින් සියයට 4 ක වැඩි ඡන්ද ප්‍රතිශතයක් ෂාරුක් ඛාන්ට ලැබී තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී මිචෙල් යෝ, මළල ක්‍රීඩිකා ෂෙරීනා විලියම්ස්, ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකබර්ග් මෙන්ම බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ විලියම් කුමරුද අභිබවමින් ෂාරුක් ඛාන් ප්‍රථම ස්ථානයට පත්වීමයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |