බුද්ධි අංශ හෙළිදරව්වක් ගැන, සුනිල් හඳුන්නෙත්තිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..!

Sunil Handunnetti Sri Lanka Janatha Vimukthi Peramuna Sri Lankan political crisis
By Sewvandhi Feb 17, 2023 08:43 AM GMT
Report

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කරන්නේ, බුද්ධි අංශ වාර්තා අනුව මාලිමාව මෙවර සියයට 80කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මැතිවරණයෙන් ජයගන්නා බව රජයට දැනුම්දී ඇති බවයි. අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා.

"රනිල්ගේ, ගෝඨාභයගේ, රාජපක්ෂලාගේ, ඒ වටේ ඉන්න හෙන්චයියලාගේ පරාජය නළලේ ලියලා ඉවරයි. බුද්ධි අංශ විසින් ඒගොල්ලන්ට දීලා තියෙන වාර්තා සියල්ල කියන්නේ මොකක්ද. ? ජනතාව දිනන විසඳුම මාලිමාව ජනතාව පිළිඅරගෙන අවසානයි. ප්‍රතිඵලය සියයට 80ට වැඩියි කියන පණිවුඩය දැන් දීලා තියෙන්නේ. මැතිවරණ කොමිසමටත් අයිතියක් තියෙනවා. මැතිවරණය පවත්වන්න. මැතිවරණයට අවශ්‍ය මුදල් දෙන්න. භාණ්ඩාගාරයට අයිතියක් තියෙනවා.

අද අපිට හුඟක් දෙනෙක් කතාකරලා කියනවා. සහෝදරයා අපි සල්ලි එකතු කරලා දෙන්නම් ලු. අපි සල්ලි එකතු කරලා දෙන්නම් ලු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න. නෑ අවශ්‍ය නෑ. මේ රටේ ජනතාව එච්චර කරදර වෙන්න ඕන නෑ. නිදහස් උත්සවේ ටොයිලට් හදාගන්න පැය දෙකකට එක්කෝටි හතළිස් දෙලක්ෂයක් ගියා. රනිල් වික්‍රමසිංහට පැය දෙකක් තටමන්නේ නැතුව ඉන්න බැරි වුණා.

නිදහස් උත්සවේට ගියපු ගාණ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න යන ගාණ. ඒක හින්දා දෙන්න ඕන නෑ මේගොල්ලොන්ට හොරකම් කරන එවුන්ට දෙන්න ඕන නෑ. ඒගොල්ලෝ ඡන්දය දිනනවා නම්, ඒගොල්ලෝ කැමති එකෙක් දිනනවා නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේ තියෙන්නේ මාලිමාව දිනන හින්දා, මාලිමාව දිනවන්නේ නැතිවෙන්න ගහන ගුණ්ඩුව. ඒක පරාජය කරනවා, සහතික ලෙස ඒක අපි පරාජය කරනවා."


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now