ධනවාදය ලෝකයට හදුන්වල දෙන කාලේ තිබ්බ සුන්දරත්වය දැන් නැහැ,දැන් තියෙන්නේ දේශපාලන බලය එක්ක ගැටගැහුණු කළු ආර්ථිකයක් ...සුනිල් හදුන්නෙත්ති.(EXCLUSIVE VIDEO)

JVP Sri Lanka Political Vijitha herath Lalkantha Sunil hadunmeththi Anura kumasa Disanayake Tilwin Silva
By Aruna Feb 16, 2022 04:40 AM GMT
Report

වැඩවසම් ක්‍රමයට සාපේක්ෂව ධනවාදය ඉතා සුපිරි එකක් වුවත්,ධනවාදය හදුන්වා දෙන සමයේ තිබු සුන්දරත්වය දැන් එහි නැති බවත් දැන් ඇත්තේ දේශපාලන බලය හා ගැට ගැහුණු කළු ආර්ථිකයක් බවත් ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.

ධනවාදය තුල වඩා දක්ෂයාට උඩට ඒමට හැකියාවක් නැති බවත් ,ඒ වෙනුවට වර්තමාන ධනවාදය තුල ඉදිරියට ඒමට අවස්ථාව ලැබී ඇත්තේ හොරාට හා කපටියාට බවත් ඔහු ප්‍රකාශ කරයි.

මෙම අසාර්ථක ජරාජීර්ණ ක්‍රමය වෙනුවට මිනිසුන් ආර්ථික ක්‍රියාවලියට සහභාගී කරගන්නා ජන සහභාගීත්ව ආර්ථික ක්‍රමයක් තම රජයක් යටතේ හදුන්වාදෙනු දෙනු ලබන බවත් ඔහු කියා සිටී.

එම ආර්ථික ක්‍රමය තුල නව නිපැයුම්කරුවන්ට,ව්‍යවසායකයින්ට හා දක්ෂයනට අවස්ථාව ලැබෙන බවත්,ව්‍යාපාරිකයන්ට රජයේ ඇගිලිගැසීම් වලින් තොරව නිදහසේ තම ව්‍යාපාර කරගෙන යාමට ඉන් ඉඩ ලැබෙන බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ඔවුන්ගේ රජයක් යටතේ වන බදු ප්‍රතිපත්තිය,විදේශ වෙළදාම හා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන ආකාරය ඔහු මෙහිදී සවිස්තරාත්මකව දක්වන ලද අතර වැඩි විස්තර සදහා පහත වීඩියෝව නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now