අද දහවල් 12.11ට ලංකාවේ නගර 4කට හිරු කෙළින්ම මුදුන් වෙයි

Department of Meteorology Latest Headlines Sinhala news
By R.rishma Aug 28, 2026 05:41 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද (28) දිනයේදී ශ්‍රී ලංකාවේ නගර හතරකට සෘජුවම ඉහළින් හිරු මුදුන් වීමට නියමිතය.

ඒ අනුව අද දහවල් 12.11ට පමණ කොක්කුවිල්, නල්ලූර්, කොඩිකාමම් සහ නාගර් කෝවිල් යන ප්‍රදේශවලට සෘජුවම ඉහළින් හිරු මුදුන් වනු ඇත.

සූර්යයාගේ දකුණු දෙසට සිදුවන සාපේක්ෂ චලිතය හේතුවෙන් සැප්තැම්බර් 07 වනදා දක්වා ශ්‍රී ලංකාවේ විවිධ අක්ෂාංශවලට සෘජුවම ඉහළින් හිරු මුදුන් වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.