වහාම ක්‍රියාතමක වන පරිදි මෙරට ප්‍රධාන සමගම් 7ක බැංකු වාර්තා කැදවයි.. හේතුව මෙන්න.

Central Bank of Sri Lanka Gotabaya Rajapaksa Mahinda Rajapaksa Sri Lanka Politician
By Sithumi Dec 15, 2023 04:24 AM GMT
Report

පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙළ යටතේ  2018 වසරේ සිට ආනයනය කළ පොහොර තොග ගොවි ජනතාවට ලබානොදී වැඩි මිලට විවිධ කර්මාන්තශාලාවලට අලෙවි කර රජයට පාඩු කළ බව කියන සමාගම් 07ක බැංකු වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙලෙසෙ නියෝග කළේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින්.

කෘෂිකර්ම අමාත්‍යශයේ හිටපු ලේකම්වරුන් දෙදෙනෙකු විසින් සිදුකළ පැමිණිල්ලට අනුව පැවැත්වූ විමර්ශනයේදී මෙම වංචා සහගත සිද්ධිය අනාවරණය කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ තවදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ ගෙන්වන ලද මෙම පොහොර අඩු මිලට ගොවීන්ට ලබාදිය යුතු වුවද පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සමාගම් කිහිපයක් ඒවා ගොවීන්ට ලබානොදී වෙනත් කර්මාන්තශාලා වෙත වැඩි මිල ගණන් යටතේ අලෙවිකර ඇති බවට කරුණු තහවුරු වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අනුව පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සමාගම් 18න් 7ක් පමණ මෙම වංචාව සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා තිබෙනවා.

 පසුගියදා මෙරට තුළ සිදුවූ ආන්දෝලනාත්මක රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආදේශ කිරීම තුල ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තුළ ගොවි ජනතාව මහත් පීඩාවට පත් වුණා.